free statistics

කොරෝනා වැළඳුනු තරුණ අම්මා ‘දරුවාට නිරෝගී උපතක් දෙමින්’ දෑස් පියාගනී


කොරෝනා ආසාදනය වූ 28 ගැබිණි මවක් සිය දරුවාට නිරෝගී උපතක් ලබාදෙමින් දෑස් පියාගත් පුවතක් කුරුණෑගලින් වාර්තා වනවා.

කොරෝනා වයිරසය ආසාදනයවීමෙන් පසුව අසාධ්‍ය තත්ත්වයට පත්ව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණා.

කුරුණෑගල රෝහලේදී සිදුකළ PCR පරීක්ෂණයෙන් ඇය කොවිඩ් ආසාදිත බවට හෙළිවී ඇති අතර පසුව ඇය කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කරනු ලබන විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.

එහිදී මෙම ගර්භනී කාන්තාව දරු ප්‍රසුතිය සඳහා සුදානම් වීම හේතුවෙන් වෛද්‍යවරුන් විසින් සිසේරියන් සැත්කමක් සිදුකර ඇති අතර එම අවස්ථාවේදී ද දිගින් දිගටම ඇයට අපස්මාරය රෝගය උත්සන්න වී ඇති බවයි රෝහල් බලධාරීන් පැවසුවේ.

දරුවාගේ ජීවිතය ගලවා ගැනීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සමත්ව ඇතත් වයිරසය ආසාදනය වීම හේතුවෙන් සැත්කමෙන් අනතුරුව මව ම ර ණ යට පත්ව තිබුණා.

කොරෝනා ආසාදනය වීම නිසා මෙරට සිදුවූ තෙවන ගැබිණි ම ර ණය මෙයයි.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close