free statistics

මහන්සි නොවී ශරීරයේ බර අඩුකරගන්න විශ්මිත පානයක් මෙන්න


ශරීරයේ බර අඩුකරගැනීම සදහා වෙහෙසෙන බොහෝ දෙනෙක් කාර්යබහුලත්වය නිසාම ව්‍යායාම මධ්‍යස්තානයන් වෙත යොමුවීමට පෙළඹෙන්නේ නැහැ. එවැනි පුද්ගලයින් වඩාත් ප්‍රිය තාවයක් දක්වන්නේ මහන්සි නොවී බර අඩුකරගැනීමටයි.

එවැනි අයට ශරීරයේ බර අඩුකරගැනීම සදහා උදව් වෙන ස්වභාවික පානයක් තමයි මේ..

කැලරි සිය ගණනින් දහනය කිරීමට සමත් මෙම පානය පරිභෝජනය කිරීමෙන් පරිවෘර්තීය ක්‍රියාවලිය ඉහල නැංවෙන අතර එහි ප්‍රථිපලයක් වශයෙන් ශරීරයේ බර අඩුවීම සිදුවෙනවා.

අවශ්‍ය කරන ද්‍රව්‍ය

මීපැණි තේ හැදී 2ක්,කුරුදු තේ හැදී 1ක්,වතුර කෝප්පයක් (මිලිලීටර් 235)

සකස්කරගන්නා ආකාරය

මීපැණි තේ හැදී දෙකකට කුරුදු තේ හැදී 1ක් භාවිතා කිරීම තමයි වඩාත් යෝග්‍ය වන්නේ. වතුර උණුකරගෙන උණුකරගත් වතුර එකට කුරුදු එකතුකරගන්න. ඉන්පසුව එම බදුන ආවරණය කරගෙන මද වෙලාවක් සිසිල් වීමට ඉඩහරින්න. එය සම්පූර්ණයෙන්ම සිසිල් වීමට ඉඩහරින්න එපා. පානය කිරීමට තරම් සුදුසු උෂ්ණත්වයක එය පැවතිය යුතුයි.

අන්න එම අවස්තාවේදී තමයි මීපැණි එකතු කලයුතු වන්නේ. අධික රස්නයක් පවතින විට මීපැණි එකතු කිරීමෙන් වලකින්න. එවිට අධික උෂ්ණත්වය හේතුවෙන් මීපැණි වල පවතින පෝෂණ වටිනාකමට බරපතල හානි සිදුවෙනවා. එහෙයින් පානය කිරීමට තරම් සුදුසු මද උෂ්ණත්වයක් පවතින විටදී මීපැණි එකතු කරන්න.

එලෙස සකසා ගත් පානයෙන් හරි අඩක් නින්දට යෑමට පෙර භාවිතා කරන්න. ඉතිරි කොටස හොදින් ආවරණය කොට ශීතකරණය තුල තබා උදෑසනින් එය පානය කරන්න. එය නැවත රත් නොකිරීමට මතක තබා ගන්න.

කිසිදු රසකාරකයක් මෙම පානය සදහා භාවිතා නොකරන්න. යම් කිසි දෙයක් අනුභව කිරීමට හෝ පානය කිරීමට ප‍්‍රථමව මෙම පානය භාවිතා කිරීමෙන් විශ්මිත ප‍්‍රතිපල ලබාගන්නට ඔබටත් හැකියාව තිබෙනවා.

– උපුටා ගැනීම අන්තර්ජාලයෙන් –


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close