free statistics

අවතැන් වුවන් බේරා ගැනීමට හමුදාව යොදවයි – ප්‍රදේශ 8ක ජනතාවට අනතුරු ඇඟවීම්


පවතින වැසි තත්වය හේතුවෙන් නාය යාම් හා ගංවතුර තත්වයක් උද්ගත වී තිබෙනවා.

මේ සඳහා අදාළ සෑම ප්‍රදේශයකටම යුධ හමුදා යොදවීමට පියවර ගත් බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.

අවතැන් වුවන් බේරා ගැනීමේදී කොවිඩ් ආසාදිතයින් වෙනම ස්ථානයකටත්, ආසාදිත නොවූවන් වෙනම ස්ථානයකටත් ගෙනයාමට විශේෂ මෙහෙයුමක්ද ක්‍රියාත්මකයි.

ඊයේ දිනයේ අධික වර්ෂා තත්ත්වය සමඟ කැළණි ගඟ පිටාර ගලා තිබෙනවා.

මේ හේතුවෙන් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

එමෙන්ම දෙහිඕවිට,රුවන්වැල්ල, දොම්පේ, සීතාවක, කඩුවෙල, බියගම,කොලොන්නාව හා වත්තල ප්‍රදේශ වල ජනතාවට අවධානයෙන් පසු වන ලෙස අනතුරු අඟවා තිබෙනවා.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close