free statistics

ජලාශ 4ක වාන් දොරටු විවෘත කෙරේ – ජලාශ ආශ්‍රිත පහත් බිම් වල ජනතාවට අනතුරු ඇඟවීම්


ජලාශ 4ක වාන් දොරටු විවෘත කල බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

පවතින දැඩි වැසි තත්වය හේතුවෙන් මෙලෙස වාන්දොරටු විවෘත කල බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඒ අනුව කැනියොන්,නොර්ට්න්,උඩවලව හා කුකුලේගඟ ජලාශ වල වාන් දොරටු මෙලෙස විවෘත කර තිබෙනවා.

මේ හේතුවෙන් මෙම ජලාශ ආශ්‍රිත පහත් බිම් වල ජනතාවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් අද (14) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකියි.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close