free statistics
මැයි 17 සඳුදා සිට මැයි 31 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි

මැයි 17 සඳුදා සිට මැයි 31 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි


රැකියාවල නියැලෙන්නන් හැර අනෙකුත් පුද්ගලයන් නිවසින් බැහැර යන්නේ නම් සංචරණ සීමා ක්‍රියාත්මක නොවන මැයි 17 වන සඳුදා සිට මැයි 31 වන දා දක්වා කාල සීමාව තුළ හැඳුනුම්පත් අංක ක්‍රමවේදය අනුව බැහැරට යා යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

රෝහල්ගත වීමකදී හෝ රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ රැකියා සඳහා බැහැරට යන පුද්ගලයන්ට මෙම සීමාවන් අදාළ නොවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

➤ එක් නිවසකින් / නවාතැනින් පිටවීමට අවසර දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව

එක් දිනයක දී නිවසකින් පිටවීමට අවසර දී ඇත්තේ එක් පුද්ගලයෙකුට පමණි.

ජාතික හැඳුනුම්පත් අංකයෙහි අවසාන ඉලක්කම ඉරට්ටේ සංඛ්‍යාවක් (0,2,4,6,8) නම් ඉරට්ටේ දිනවලදී ද ඔත්තේ සංඛ්‍යාවක් (1,3,5,7,9) ඔත්තේ දිනවලදී ද නිවසින් පිටව යා හැකිය.

අවසාන අංකය බිංදුව නම්, එය ඉරට්ටේ අංකයක් ලෙසයි සලකනු ලැබේ.

රාජකාරී කටයුතු සහ සෞඛ්‍ය සේවා ලබා ගැනීම සඳහා මෙය අදාළ නොවේ.

➤ පොදු ප්‍රවාහන සේවය

බස් රථයේ / දුම්රියේ ආසන ධාරිතාව දක්වා මගීන් ප්‍රවාහනය කිරීමට පමණක් අවසර ඇත.

➤ පෞද්ගලික කුලී රථ සේවා

කාර් සහ ත්‍රිරෝද රථ සඳහා උපරිම මගීන් සංඛ්‍යාව දෙකකට සීමා වන අතර වෙනත් වර්ගවල වාහන සඳහා එය ආසන ධාරිතාව දක්වා සීමා වේ.

➤ උපයෝගිතා සේවා – විදුලිය, ජලය, විදුලි සංදේශ, ඉන්ධන පිරවුම්හල්, එල්පී ගෑස් ස්ථාන, මෝටර් රථ ගරාජ, ටයර් සේවා සහ තැපැල් / කුරියර් සේවා

අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සමග ක්‍රියා කිරීමට අවසර ඇති අතර හැකි සෑම විට ම නිවසේ සිට වැඩ කිරීමට විකල්පයක් ලබා දිය යුතුය.

➤ රජයේ කාර්යාල

අවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් යටතේ රාජ්‍ය සේවා පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් විසින් නිකුත් කරන චක්‍රලේඛය අනුව ක්‍රියාත්මක විය යුතුය.

➤ පෞද්ගලික අංශයේ කාර්යාල

අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සමග ක්‍රියා කිරීමට අවසර ඇති අතර හැකි සෑම විට ම නිවසේ සිට වැඩ කිරීමට විකල්පයක් ලබා දිය යුතුය.

➤ රැස්වීම්

ආයතනයේ සේවකයන් පමණක් උපරිමය පුද්ගලයන් 10කට සීමා කොට අත්‍යවශ්‍ය රැස්වීම් පැවැත්වීමට අවසර ඇත.

➤ අපනයන අරමුණු කරගත් කර්මාන්ත (ඇඟළුම්, කෘෂිකාර්මික නිෂ්පාදන)

ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ‘ජෛව ආරක්ෂිත බුබුළ’ යන සංකල්පය යටතේ ක්‍රියාත්මක විය යුතුය.

බාහිර පුද්ගලයන්ට ඇතුළු වීමට අවසර නැත.

➤ සුපිරි වෙළෙඳ සල්, සාප්පු සංකීර්ණ, මූල්‍ය ආයතන, රෙදිපිළි සාප්පු, සිල්ලර වෙළෙඳ සල්, බේකරි, වීදි වෙළෙන්දන්, රූපලාවන්‍යාගාර, ගෘහ භාණ්ඩ, විදුලි උපකරණ, ඉදි කිරීම් ද්‍රව්‍ය වෙළෙඳ සල්, රෙදි සේදීමේ ස්ථාන, මැහුම්කරුවන්, සන්නිවේදන වෙළෙඳ සල්

වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයෙන් 25% ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළු කර ගත හැක.

පුද්ගලයෙකුට ඇවිදීමට හැකි ඉඩ ප්‍රමාණය 1.5m2 ක් ප්‍රමාණවත් යැයි සැලකිය හැකියි.

කොවිඩ්-19 රෝගයෙන් ආරක්ෂා වීමට ගත හැකි සියලු ම ක්‍රියාමාර්ග ගත යුතු අතර ආයතනය තුළට ඇතුළු කර ගත හැකි පුද්ගලයන් ගණන ආයතනයෙන් පිටත ප්‍රදර්ශනය කළ යුතුයි.

➤ ජංගම වෙළෙන්ඳන්, ඉන්ධන පිරවුම්හල්, ඉදිකිරීම් ස්ථාන

අවසර ලබා දී අතර ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුගතව කටයුතු කළ යුතුය.

➤ අධිකරණ

වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයෙන් 25% ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට පුද්ගලයන් සිටිය යුතු අතර ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කළ යුතුය.

➤ බන්ධනාගාර

අමුත්තන්නට පැමිණීමට අවසර නැත.

➤ සෞඛ්‍ය අංශ – රජයේ රෝහල්, පුද්ගලික රෝහල්, ෆාමසි, රසායනාගාර, වෛද්‍ය සේවා

දී ඇති මාර්ගෝපදේශවලට අනුකූලව, අවශ්‍ය කාර්යමණ්ඩලයක් යටතේ සේවා අවශ්‍යතාව අඛණ්ඩව සැපයිය යුතුය.

➤ මංගල උත්සව

නැවත දැනුම් දෙනතුරු පැවැත්වීමට අවසර නැත.

විවාහ ලියාපදිංචි කිරීම් පමණක් ළඟම ඥාතීන් උපරිම 15 දෙනකුගේ සහභාගීත්වයෙන් සිදු කළ හැකිය.

➤ අවමංගල්‍ය උත්සව (කොවිඩ්-19 නොවන මෘත දේහ සඳහා)

මෘතදේහය රෝහලෙන් / ම ර ණ පරීක්ෂක මුදා හැර පැය 24ක් ඇතුළත අමංගල්‍ය උත්සවය පැවැත්විය යුතුය.

ලබා දී ඇති උපදෙස්වලට අනුකූලව, පැමිණෙන පුද්ගලයන් ප්‍රමාණය අවම කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් වරකට උපරිම පුද්ගලයන් 15කට සීමා කොට මෙය පැවැත්විය යුතුය.

➤ පන්සල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථාන

සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීමට අවසර නැත.

➤ බෝඩිං නිවාස

ලබා දී ඇති උපදෙස්වලට අනුකූලව පූර්ණ ධාරිතාවයෙන් සිටිය හැකිය. කෙසේ වෙතත්, නව පුද්ගලයන්ට නවාතැන් ලබා නොදිය යුතුය.

➤ මධ්‍යසාර අලෙවි සල්

උදෑසන 10.00 සිට රාත්‍රී 6.00 දක්වා පමණක් විවෘතව තැබීමට අවසර ඇත.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close