free statistics

සේරුවාවිල නාහිමියෝ කොවිඩ් වැළඳී ඉන්දියාවේදී අපවත් වෙති


සේරුවාවිල රජමහා විහාරය ඇතුළු විහාර ගණයෙහි අධිපති අමරපුර ශ්‍රී කල්‍යාණවංශ මහා නිකායේ නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක ගෞරව ශාස්ත්‍රවේදී, ප්‍රවචන කීර්ති ශ්‍රී වාගීශ්වර, හිටපු කථිකාචාර්ය මුංහේනේ මෙත්තාරාම නාහිමියෝ කොවිඩ්-19 වැළඳීමෙන් ඉන්දියාවේදී අපවත් වූහ.

සේරුවාවිල රජමහ විහාරය කේන්ද්‍ර කොට ගනිමින් සුවිසල් ශාසනික හා සමාජීය මෙහෙවරක නිරත වූ උන්වහන්සේ අපවත් වන විට හැට වැනි වියෙහි වැඩ විසූහ.

උන්වහන්සේ සැත්කමක් සඳහා ඉන්දියාවට වැඩම කොට එහි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත්වී ඇත.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close