free statistics

දරුවන් ප්‍රවේසම් කර ගන්න – ඇතැම් විට ම ර ණා සන්න විය හැකියි | වත්මන් වෛරසයෙන් ‘ගැබිනියට’ නරක කලක්


දරුවන් ප්‍රවේසම් කර ගන්න

කොවිඩ් වැළඳෙන දරුවන් ඇතැම් අවස්ථාවල දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීමට සිදු වන බවද ඇතැම් විට ම ර ණා සන්න විය හැකි බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය පී. ඩී කොග්ගලගේ මහතා පවසනවා.

මෙහිදී දරුවන්ගේ බහු ඉන්ද්‍රීයන් අකර්මණ්‍යතාවයකට පත්වන බව ද වෛද්‍යවරයා කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී පෙන්වා දුන්නා.

මෙවැනි තත්ත්වයකට හේතුව කුමක්දැයි මෙතෙක් තහවරු කර ගෙන නොමැති බවත් වෛද්‍ය පී. ඩී කොග්ගලගේ මහතා එහිදී කියා සිටියා.

වත්මන් වෛරසයෙන් ‘ගැබිනියට’ නරක කලක්

ගැබිනි කාන්තාවන්ට ඉතාම හානිදායක කොවිඩ් වෛරස ප්‍රභේදයක් ශ්‍රී ලංකාව තුළ මේ වන විට පැතිර යන බව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන් අනාවරණය කරනවා.

ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය වෛද්‍ය ආර්. ප්‍රතාපන් මහතා පෙන්වා දෙන්නේ ගැබිනි මව්වරුන්ට සෙසු ආසාදිතයින්ට ලබාදෙන ඖෂධ සියල්ලම ලබා දිය නොහැකි බවයි.

“ගැබිනියකට කොවිඩ් -19 හැදුණම එන ප්‍රශ්නය තමයි අපිට හැම බෙහෙතක්ම දෙන්න බෑ. බැරි දේවලුත් සමහර වෙලාවට කරන්න සිද්ධවෙලා තියෙනවා. එක්ස් රේ එහෙම බොහොම අඩුවෙන් කරන්නේ. මේක හැදුනහම ඉක්මනින් අමාරු වෙනවා. දැඩි සත්කාර ඒකකයට දාන්න වෙනවා. ඇත්තටම කිව්වොත් ගැබිනියක් ගෙදරට වෙලා ඉන්න එක තමයි හොඳ.“

මාධ්‍ය හමුවක් අමතමින් වෛද්‍යවරයා මේ බව සඳහන් කළා.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close