free statistics

දිවයින පුරා සංචරණ සීමා ක්‍රියාත්මක වන අයුරු – නොතේරුන අයගේ දැනගැනීම සදහා


අද දින​ය තුළ අවස්ථා දෙකකදී පැනවූ සංචරණ සීමා ක්‍රියාත්මක වන ආකාරය සහ එම සීමා නොමැති අවස්ථාවලදී නිවසින් බැහැරව යන අංක ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය සරලව පහතින්.

අද (12):
– රාත්‍රී 11 සි​ට සංචරණ සීමා ක්‍රියාත්මකයි. බැහැර යා නොහැක.

හෙට (13):
– අලුයම 4 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මකයි. බැහැර යා නොහැක.
– අලුයම 4 සිට රාත්‍රී 11 තෙක් අංක ක්‍රමයට බැහැර යා හැක.
– රාත්‍රී 11 සි​ට සංචරණ සීමා ක්‍රියාත්මකයි. බැහැර යා නොහැක.

සිකුරාදා (14) සිට ඉරිදා (16) දක්වා:
– මුළු දිනය පුරා සංචරණ සීමා ක්‍රියාත්මකයි. බැහැර යා නොහැක.

සඳුදා (17) සි​ට මැයි 31 දක්වා:
– අලුයම 4 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මකයි. බැහැර යා නොහැක.
– අලුයම 4 සිට රාත්‍රී 11 තෙක් අංක ක්‍රමයට බැහැර යා හැක.
– රාත්‍රී 11 සි​ට සංචරණ සීමා ක්‍රියාත්මකයි. බැහැර යා නොහැක.

සංචරණ සීමා:
– පුද්ගලික ගමන් හා පුද්ගල සංචරණය සපුරා තහනම්.
– අත්‍යවශ්‍ය සේවා සහ එළවලු, ප​ළතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවසර ඇත.
– බස්නාහි​ර පළාත තුළ එන්නත්කරණ වැඩසටහන සඳහා අවසර ඇත.

අංක ක්‍රමයට බැහැරට යාම:
– අදාළ වන්නේ සංචර​ණ සීමා ක්‍රියාත්මක නොවන කාල වලදී පමණයි.
– ඉරට්ටේ දිනවලදී (18,20,22,24,26,28,30) හැඳුනුම්පතේ අවසාන ඉලක්කම ඉරට්ටේ (0,2,4,6,8) ඇති පුද්ගලයින්ට නිවසින් බැහැරව යා හැකියි
– ඔත්තේ දිනවල (13,17,19,21,23,25,27,29,31) හැඳුනුම්පතේ අවසාන ඉලක්කම ඔත්තේ (1,3,5,7,9) ඇති පුද්ගලයන්ට නිවසින් බැහැරට යා හැකියි.
– රැකියා සදහා පිටත්ව යන අයට මෙම ක්‍රමය බලනොපායි.

-එසැණ


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close