free statistics

ඊයේ සමස්ත කොරෝනා ආසාදිතයින් 2,624 ක් | මාස තුනක බිළිඳියක් කොවිඩ් නිසා ම රු ට


ඊයේ (10) දිනයේ දෙවන වරටත් දෛනික කොරෝනා ආසාදිතයන් 2000 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව ඊයේ දිනයේ ආසාදිතයන් 2,624 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණා.

ඊයේ දේශීයව ආසාදිතයන් 2,573 ක් හඳුනාගත් අතර විදෙස් රටවල සිට පැමිණි 51 දෙනෙක් පසුව කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබුණා.

මේ වන විට මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 128,530 ක් වන අතර ඉන් 105,611 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබෙන අතර දැනට රෝහල් ගතව සිටින සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 22,092 ක් වනවා.

ඊයේ දිනයේ කොරෝනා ම ර ණ 26 ක් වාර්තා වූ අතර ඒ අනුව දිනක් තුළ වාර්තා වූ වැඩිම ම ර ණ සංඛ්‍යාව මෙයයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (10) තහවුරු කළ ම ර ණ 26 අතර, වත්තේගම ප්‍රදේශයේ මාස තුනක් වයසැති බිළිඳියක කොරෝනා හේතුවෙන් මි ය ගොස් ඇති බ​ව සඳහන් වෙනවා.

මැයි 09 වන දින මහනුවර ජාතික රෝහලේදී බිළිඳිය මියගොස් ඇති අතර ම ර ණ යට හේතුව ලෙසින් එහි දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව හා බහු ඉන්ද්‍රීය අක්‍රීයවීමේ තත්ත්වයක්.

ඒ සමඟින් මෙරට සමස්ත කොරෝනා ම ර ණ සංඛාව 827 දක්වා ඉහළ ගියා.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close