free statistics

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතව මි ය ගි ය පුද්ගලයින්ගේ සිරුරූ ගංගා සහ යමුනා නදියේ පාවෙයි


ඉන්දියාවේ පවතින කොවිඩ් ව්‍යාප්තියේ දරුණුකම කියා පාමින් එරට පිහිටි ගංගා සහ යමුනා නම් ගංඟාවන්වල කොවිඩ් වෛරසය ආසාදිතව මි ය ගිය පුද්ගලයින්ගේ ම ළ සිරුරූ පාවෙමින් තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

අද දිනයේ උදෑසන වන විට යමුනා සහ ගංඟාවන් අසල පිහිටි ගම්වැසියන් විසින් ම ළ සිරුරූ 100කට අධික සංඛ්‍යාවක් පාවෙමින් තිබෙන අයුරු නිරීක්ෂණය කර තිබෙනවා.

බිහාර් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත බලධාරීන් සඳහන් කරන්නේ පසුගිය සතිය තුළදී ඉන්දියාව තුල දෛනික කොවිඩ් ම ර ණ සංඛ්‍යාව 4,000 සීමාව ඉක්මවා යාමත් සමග ම ළ සිරුරූ ආදාහනය කිරිමට ඇති අපහසුතාවයන් හේතුවෙන් මෙලෙස ගංඟා වලට බැහැර කරන්නට ඇති බවයි.

ජනතාව පවසන්නේ සෑම පැයකට වරක් ගංඟාවල ම ළ සි රු රූ 2-3 ත් අතර ප්‍රමාණයක් පාවෙමින් යන අයුරු නිරීක්ෂණය කළ බවයි.

මේ අතර ගංඟා ඉවුරු ආශ්‍රිතව රැඳී තිබෙන සහ පාවෙමින් ඇති ම ළ සි රුරක් ඉවත් කරන අයෙකුට එක් ම ළ සි රුරක් සඳහා ඉන්දියානු රුපියල් 500 බැගින් ගෙවීමට බිහාර් ප්‍රාන්ත බලධාරීන් අද තීරණය කර තිබෙනවා.

ඉන්දියාවේ ශුද්ධ වූ ගංඟාවන් ලෙස ගංඟා සහ යමුනා නදියන් සැලකෙන බවයි හින්දු ජනප්‍රවාද වල දැක්වෙන්නේ.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close