free statistics

රටම ලොක්ඩවුන් කිරීම මදුරුවාට පොල්ලෙන් ගහනවා වගේ අනවශ්‍ය වැඩක් : ඇමති වාසුදේව නානායක්කාර


මහා වසංගතයක් පවතිනවා යැයි කියා මුළු රටම ලොක්ඩවුන් කිරීම හරියට මදුරුවාට පොල්ලෙන් ගහනවා වගේ අනවශ්‍ය ක්‍රියාවක් බවත් අපිට මදුරුවෙක් ඉවත් කරන්න පුළුවන්. ඉවත් කළ යුතුයි, ඒ සඳහා මදුරුවාට පොල්ලෙන් ගැසීය යුතු නොවන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළකර සිටි අමාත්‍යවරයා,

‘ රටේ පවතින වසංගත තත්ත්වය අනුව සංචරණ සීමා සිදුකිරීම අනිවාර්යයයෙන් කළ යුතුයි. අපි මුල්ම අවස්ථාවේ, ඒ කියන්නේ 2020 මාර්තු මාසේ මුළු රටම වසා දැම්මා. එයින් අපි අත්දැකීම් ලැබුවා. ඒ මුල්ම අවස්ථාවේදීත් අපි අපේ කෘෂිකර්මාන්තය, වැවිලි කර්මාන්තය, වැනි අවශ්‍යම කර්මාන්ත අඛණ්ඩව පවත්වාගෙන ගියා. මේ තුලින් අපි විශාල අත්දැකීමක් ලැබුවා. ඒ අනුව රටේ පවතින වසංගත තත්ත්වය හමුවේ ලොක්ඩවුන් කිරීම වර්තමානයේ දී අප සීමා කලා. හුදකලා කිරීම් ප්‍රදේශ වශයෙන් සිදුකිරීමට තීරණය කරා. හුදකලා කිරීමේ අවශ්‍යතාවය මතුවන ප්‍රදේශ හඳුනාගනිමින් වෛද්‍ය උපදෙස් හා නිර්දේශ මත හුදකලා කිරීමට රජය කටයුතු කරනවා.

ඒ නිසා මගේ අදහස අවශ්‍ය පරිදි හුදකලා කළ යුතුයි. එම කටයුත්ත රජය ඉතාමත් සාර්ථකව මේ වන විට ඉටුකරනවා. සමහර හුදකලා කළ ප්‍රදේශ රෝගය සමනය වීමේ ප්‍රවණතාවය මත නිදහස් කිරීමත් සිදුකරනවා. මෙය ශ්‍රී ලංකාව තුල අපේම අත්දැකීම් තුලින් අපි දැන උගත් දෙයක්. හුදකලා කිරීමේ අර්ථය එම ප්‍රදේශය කොටුකර සංචරණ සීමා පනවා රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමයි. මෙය අප සාර්ථකව ඉටුකරමින් තිබෙනවා. මෙම තත්ත්වයන් යම් ආකාරයකට ලිහිල් වන අවස්ථාවේ දී මෙම හුදකලා කිරීම් ද නිදහස් කරනවා.

එසේ නොමැති වුවහොත් ජනතාව විශාල අර්බූදයකට මුහුණ පානවා. රටම ලොක්ඩවුන් කළොත් රටේම විශාල අර්බුධයක් පැන නගිනවා. ජනතාව තමන්ගේ ඕනෑ එපාකම් ඉටුකරගැනීමට නොහැකිව බරපතල ගැටළුකාරී තත්ත්වයකට පත්වෙනවා. ඒ අනුව වෛද්‍ය උපදෙස් හා විශේෂඥ උපදෙස් මත සියළු රෝගීන් පිළිබඳ දත්තයන් පදනම් කරගනිමින් නිවැරදි ක්‍රියාමාර්ගයන් අපි මේ අවස්ථාවේ අනුගමනය කරමින් සිටිනවා. මෙම හුදකලා කිරීම් ඉතාමත් ප්‍රවේශමෙන් අපි සිදුකරන්නේ. සියළු කරුණු විමසා බලා, සියළු තොරතුරු ඒකරාශි කොට සියළුම අවශ්‍ය පුද්ගලයන් සමඟ සාකච්ඡා කර අවශ්‍යතාවය මත පදනම්ව මෙම හුදකලා කිරීමේ කටයුතු සිදුකරන බවත් මේ අවස්ථාවේ රටම ලොක්ඩවුන් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ’ යැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර සඳහන් කර සිටියා. ‘


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close