free statistics

ලබන මාසේ දවසකට සියයක​ට වඩා මැරෙන්න පුළුවන් | ඉක්මනින් පියවර ගන්න – රනිල් ආණ්ඩුවෙන් ඉල්ලයි


කොවිඩ්19 රෝගයේ උග්‍ර තත්ත්වයකට රට අද මුහුණ දී සිටින බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔක්සිජන්, වෙන්ටිලේටර් සහ රෝහල් ඇදන් වල හි​ඟයක් ඇති බවත්, සෞඛ්‍ය ආරක්ෂාව කඩා වැටිමකට ලක්ව ඇති බවත් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

IHME ආයතනයේ වාර්තා අනුව සීඝ්‍රයෙන් රෝගීන් ගණන වැඩි වන බවත්, ජුනි මාසය වන විට දිනකට සියයකට අධික ප්‍රමාණයක් මිය යෑමේ තත්ත්වයක් පැමිණිය හැකි බවද ඔහු මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළා.

මේ අවස්ථාවේ ආණ්ඩුව දේශපාලන සටනකින් තොරව කටයුතු කල යුතු බවත් ජනතාව රැකගැනීමට අවශ්‍ය පූර්ණ බලතල කැබිනට් මණ්ඩලය ගත යුතු බව මෙහිදි ඔහු අවධාරණය කරනවා.

මෙම වසංගතයෙන් ජනතාව බේරාගැනීමට කැබිනට් මණ්ඩලය වගකීම ගැනීමට කටයුතු කරන ලෙසද රනිල් වික්‍රමසිංහ මෙහිදි රජයෙන් විශේෂ ඉල්ලිමක් කළා.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close