free statistics

කොරෝනා අස්සේ ඉන්දියාවට තවත් හෙන ගෙඩියක් – කොරොනා සුව වූවන්ට දරුණු “කළු දිරිය” නමැති නව රෝගයක් ආසාදනය වෙයි


දරුණු ලෙස කොරෝනාවෛරසය පැතිර යන ඉන්දියාවේ මේ වන විට ‘Black fungus’ නම් දුර්ලභ වර්ගයේ දිලීර ආසාදනයක් පැතිර යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොවිඩ්-19 වැළඳී සුව වෙමින් පවතින සහ සුව වූ පුද්ගලයන් අතර Mucormyosis නම් දිලීර ආසාදනයක් මෙලෙස පැතිර යන බව ඉන්දියානු වෛද්‍යවරු පවසා තිබේ.

Mucormyosis නම් එම දිලීර ආසාදන තත්ත්වය දුර්ලභ එකක් වන අතර භයානක තත්ත්වයක් බව වාර්තා වේ.

එම දිලීර ආසාදනය හේතුවෙන් විසිපස් හැවිරිදි කාන්තාවකගේ ඇසක් පවා ඉවත් කිරීමට සිදුව ඇත.

උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු අදාළ කාන්තාවගේ නාසය හරහා බටයක් දමා දිලීරය දිලීර ආසාදනය වූ පටක ඉවත් කිරීමෙන් අනතුරුව අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙකු ඇගේ ඇස ඉවත් කර තිබේ.

එහිදී අදාළ අක්ෂි ශල්‍ය වෛද්‍ය නායිර් මහතා පවසා තිබෙන්නේ, “මම ඇගේ ඇස ඉවත් කරන්නේ ඇගේ ජීවිතය බේරා ගන්න. ඒක තමයි ඒ ලෙඩේ හැටි” යනුවෙනි.

Mucormycosis රෝග තත්ත්වය mucor නම් දිලීරයට නිරාවරණය වීම හේතුවෙන් හටගන්නා තත්ත්වයකි.

Mucor දිලීරය පස, ශාක, පොහොර, නරක් වූ එළවළු සහ පළතුරුවල තිබෙන අතර වෛද්‍ය නායිර් පවසන්නේ, “එය හැම තැන ම තියෙනවා. පසේ, වාතයේ, නාසයේ, නිරෝගී පුද්ගලයකුගේ ශ්ලේෂ්මල පටලවල පවා හොයාගන්න පුළුවන්,” යනුවෙනි.

තව ද ඔහු පවසන්නේ අප්‍රේල් මාසය තුළ මුම්බායි, දිල්ලි, බැංගලෝර්, හයිද්‍රාබාද්, පූනෙයි යන ප්‍රදේශවලින් දිලීර ආසාදිතයින් 40 දෙනෙකු පමණ හඳුනාගත් බවයි.

ඔවුන් කොරෝනාවෛරසය ආසාදනය වී සුව වූවන් වන අතර දියවැඩියා රෝගයෙන් ද පෙළෙන පුද්ගලයන් බව වෛද්‍යවරයා පවසයි.

ඔවුන් අතරින් 11 දෙනෙකුගේ ම ඇස් ශල්‍යකර්ම මගින් ඉවත් කරන්නට සිදුව තිබේ.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close