free statistics

රත්නපුර සහ නුවරඑළියේ ගම් කිහිපයක් වහාම හුදෙකලා කෙරේ – පවතින තත්ත්වය ගැන වෛද්‍ය බලධාරින් ගෙන් ජනපතිට ලිපියක්


අද උදෑසන සිට වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ගම් කිහිපයක් හුදෙකලා කිරීම ට තීරණය කළ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව හුදෙකලා කරන ලද ප්‍රදේශ පහතින්.

1.රත්නපුර දිස්ත්‍රික්කයේ

රක්වාන පොලිස් බලප්‍රදේශයේ,

-දොළේ කන්ද ග්‍රාම සේවා වසම-රඹුක ග්‍රාම සේවා වසම-කත්ලාන ග්‍රාම සේවා වසම-තනබෙල ග්‍රාම සේවා වසම-ඉඹුක්කන්ද ග්‍රාම සේවා වසම-පොතුපිටිය දකුණ ග්‍රාම සේවා වසම

කලවාන පොලිස් බලප්‍රදේශයේ,

-පනාකොළ ග්‍රාම සේවා වසම-කුඹුක්මිටිය ග්‍රාම සේවා වසම-කුඩාව ග්‍රාම සේවා වසම-දෙල්ගොඩ නැගෙනහිර ග්‍රාම සේවා වසම-දෙල්ගොඩ බටහිර ග්‍රාම සේවා වසම-ද්වාලගම ග්‍රාම සේවා වසම-ගලහාගල ග්‍රාම සේවා වසම-කොස්වත්ත ග්‍රාම සේවා වසම-කපස්සර කන්ද ග්‍රාම සේවා වසම-වතුරාව ග්‍රාම සේවා වසම-වෙම්බිටියගොඩ ග්‍රාම සේවා වසම-වැද්දාගල නැගෙනහිර ග්‍රාම සේවා වසම-වැද්දාගල බටහිර ග්‍රාම සේවා වසම-දවුලගලගම ග්‍රාම සේවා වසම

2.නුවරඑළිය දිස්ත්‍රික්කයේ

ළිඳුල පොලිස් වසමේ,-ශාන්ත කුම්බස් වතුයාය ග්‍රාම සේවා වසම

රටේ වත්මන් කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අන්තර්විද්‍යාල කමිටුව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

කොවිඩ් -19 රෝගය වැළඳී ඇතැයි නිර්ණය කෙරෙන රෝගීන්ගේ සංඛ්‍යාව හා ඊට අදාළ මරණ සංඛ්‍යාවද වේගයෙන් ඉහළ යමින් පවතින අතර ප්‍රජාව තුළ රෝග නිර්ණය කරන ලද සංඛ්‍යාව මේ වන විට අවම වශයෙන් තුන් ගුණයකින් පමන වැඩිවී ඇති බව දැනගන්නට ලැබීම ඉතා ඛේදනීය තත්ත්වයක් බව එම ලිපිය මඟින් පෙන්වා දෙනවා.

මේ අතර වත්මන් කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවදානය යොමු කිරීම සඳහා වන කරුණු 07ක් ද එම ලිපියෙන් යොමු කර තිබෙනවා.

එම ලිපිය පහතින්,

 

 


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close