free statistics

මෙලොව එළිය දකින්න ඉපදුන බිළිඳුන් 70කට කොවිඩ්


මේ වන විට සොයිසා කාන්තා රෝහලේදී උපත ලබා ඇති බිළිඳුන් 70 දෙනෙකු කොවිඩ් -19 ආසාදනය වී ඇති බව නව ජන්ම ළදරුවන් පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ මහතා පවසයි. එම ළදරුවන් වෙන් වෙන්ව ආරක්ෂා සහිතව රැකබලා ගන්නා බව විශේෂඥ වෛද්‍යතුමා වැඩි දුරටත් පවසා තිබුනා.

මේ අතර ඉදිරියේදී සෑම රෝහලකම කොවිඩ් ආසාදිත බිළිඳුන් රැකබලා ගැනීම සඳහා වෙන්ව ඒකකයක් පිහිටුවීමට පියවර ගත යුතු බවද කොළඹ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ මහතා සඳහන් කළේය.

ගැබිණි කාන්තාවන්ට කොවිඩ් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

-නිමල කොඩිතුවක්කු – ApeRata


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close