free statistics

ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ම රණ 07ක් වාර්තා වෙයි | ඉන් තිදෙනෙකු නිවෙස් තුළදී මි ය ගිය පුද්ගලයින්


ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොවිඩ් රෝගින් සදහා වෙන්කොට ඇති වාට්ටුවල ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් රෝගින් 04 දෙනෙකු මි යගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා. මේ අතර නිවෙස්වල මි යගොස් සිටි පුද්ගලයින් තිදෙනෙකු මි ය යාමෙන් පසුව කරණු ලැබු PCR පරික්ෂණවලදි ඔවුන්ට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බව අද දින තහවුරුවි ඇති බවද අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.

රෝහලේ 25 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් හා පිරිමි අයෙකු මි යගොස් ඇති අතර ඔවුන් දෙදෙනා හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් පදිංචිකරුවන් වන බවයි සඳහන් කලේ. මොවුන් දෙදෙනා ම 65 හැවිරිදිවියේ පසුවන අය වනවා.

මේ අතර 36 හා 46 වාට්ටුවල ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත රෝගින් දෙදෙනෙකු මි යගොස් ඇත. ඔවුන් 55 සහ 74 වැනි වයස් කාණ්ඩවල පසුවන අතර මින් එක් අයෙකු මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් අලපලාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනික් පුද්ගලයා ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් අගුළුගහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුයේ.

මේ අතර නිවසේදි මි යගිය ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් අගුළුගහ කබරගල ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි කාන්තාවකට මිය යාමෙන් පසුව කරණු ලැබු PCR පරික්ෂණයේදී ඇයට ද කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත.

බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුද නිවෙස්වලදි මි ය ගොස් ඇති අතර මි ය යාමෙන් පසුව කරණු ලැබු පි.සි.ආර්. පරික්ෂණවලදි ඔවුන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත. මෙවුන් දෙදෙනා වයස අවුරුදු 82ක් සහ 81ක් හැවිරිදි වියේ පසුවන සිට්‍රිස්වත්ත පොද්දල හා නාවල කෝකාවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි තහවුරු වී ඇත්තේ.

කොවිඩ් ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති මෙම පුද්ගලයින් 07 දෙනාගේ පශ්චාත් මරණ පරික්ෂණ අද (07) කරාපිටිය හික්ෂණ රෝහලේදි සිදුකරණ බවයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේ.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close