free statistics

නියෝජ්‍ය පොලිස්පතිනි බිම්ෂානි සිය තනතුරෙන් ඉවතට


පොලිස් ඔම්බුඩ්ස්මන් (දුක්ගැනවිලි) අංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පතිනි බිම්ෂානි ජාසිංහආරච්චිගේ වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කිරීමට පොලිස්පති සී.ඩී වික්‍රමරත්න උපදෙස් දී තිබෙනවා.

මෙම ස්ථාන මාරුවත් සමග ඇය යටතේ මෙම ඒකකයේ සේවය කළ නිලධාරීන්ට වෙනත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වෙත වාර්තා කරන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වනවා.

මෙම ස්ථාන මාරුව පොලිසිය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ එක් පියවරක් පමණක් බවත් අදාල නියෝජ්‍ය පොලිස්පතිවරිය නුදුරේදීම නව තනතුරක පිහිටවනු ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

බිම්ෂානි ජාසිංහආරච්චිගේ මෙරට පොලිස් ඉතිහාසයේ පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරිය වනවා.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close