free statistics

අද සිට හුදෙකලා වන ප්‍රදේශ මෙන්න – ඔබත් මෙම ප්‍රදේශවල නම් ප්‍රවෙසම් වන්න


තවත් ග්‍රාම නිලධාරීන් වසම් 11 ක් අද අලුයම හයේ සිට හුදකලා කෙරුණා. ඒ අනුව කඩවත පොලිස් බලප්‍රදේශයේ ඇල්දෙණිය නැගෙනහිර, සූරියපාලුව දකුණ සහ උතුර, පහළ කරගහමුණ උතුර, ඉහළ කරගහමුණ උතුර යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා කළ බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත කියාසිටියේ.

ඊට අමතරව කළුතර, අගලවත්ත පොලිස් බල ප්‍රදේශයේ පිඹුර සහ මතුගම පොලිස් බලප්‍රදේශයේ යටියන බටහිර, පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ හල්පොත, කැස්බෑව නැගෙනහිර, මාකන්දන බටහිර සහ නිවුන්ගම යන ග්‍රාම නිලධාරී වසම් අද උදෑසන හයේ සිට හුදකලා කෙරුණා.

මේ අතර කළුතර, බදුරලිය පොලිස් බල ප්‍රදේශයේ ඉගුරුදළුව, පැලවත්ත නැගෙනහිර, මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ මිරිස්වත්ත සහ පහල හෙවැස්ස යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා තත්ත්වයෙන් ඉවත් කළ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කළේ.

මේ අතර ඊයේ දිනයේ තුළ කොරෝනා ආසාදිතයින් 1,895 දෙනෙකු වාර්තා වුණා. ඉන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close