free statistics

අද සමස්ත කොරෝනා ආසාදිතයන් 1,851 ක් – බණ්ඩාරගම ප්‍රා.සභාවේ සෞඛ්‍ය කම්කරුවන් 8කට කොරෝනා


අද දින දේශීයව තවත් කොරෝනා ආසාදිතයන් 546 ක් හඳුනාගෙන තිබෙන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව අද දිනයේ මේ දක්වා දේශීයව කොරෝනා ආසාදිතයන් 1,851 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව සෞඛ්‍ය කම්කරු සේවකයන් අටදෙනකුට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පැවසීය

මීට දින කීපයකට කීපයකට ඉහතදී එම සේවකයින් 23 දෙනෙකු අහඹු ලෙස පි සි ආර් පරීක්ෂණ ට භාජන කිරීමෙන් අනතුරුව පෙරේදා 5 රාත්‍රී සේවකයන් 8 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය වාර්තා මගින් තහවුරු වූ බව සභාපතිවරයා කීය .

මේ හේතුවෙන් ප්‍රදේශයේ කැළි කසළ ඉවත් කිරීමට දින කිහිපයක සිට බාධාවක් පැවතියද අද 7 දින බණ්ඩාරගම නගරය සහ ප්‍රධාන මාර්ගවල පමණක් කැළි කසළ ඉවත් කිරීමේ කටයුතු සුපුරුදු ලෙස සිදුකිරීමටද ඉදිරි දින කිහිපය තුළදී අමතර කම්කරුවන් බඳවාගෙන කැලි කසල එකතු කිරීමේ යෙදුණු සෙසු ප්‍රදේශ වල ද කැළි කසළ ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරණ බව සභාපතිවරයා කීය


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close