free statistics

ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් 400ක් නිවෙස්වල – PCR වාර්තා 6000ක ප්‍රථිපල ප්‍රමාදයි


ගම්පහ දිස්ත්‍රික්කය තුළ PCR පරීක්ෂණ මගින් කොරෝනා ආසාදිත බවට තහවුරු වූ 400 ක් පමණ පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමට නොහැකිව ඔවුන්ගේ නිවාස සහ නේවාසිකාගාර තුළ දින කීපයක සිට රැදී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න අද දින සඳහන් කර සිටියා.

මෙම ආසාදිතයන් ප්‍රවාහනය කිරීමට ගිලන් රථ, ඔවුන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල් නොමැති වීම මේ සදහා හේතු වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටි සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස තුළ සිදු කළ PCR පරීක්ෂණ 6,866ක ප්‍රතිඵල වාර්තා මේ වනතුරු ලැබී නොමැති බවයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පැවසුවේ.

මේ වනවිට දින ගනනාවක සිට කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවය කරන 40 දෙනෙකු පමණ පිරිසක් ද PCR පරීක්ෂණ වලින් කොරෝනා ආසාදිත බව තහවුරු වී ප්‍රතිකාර සදහා යොමු කරන තෙක් සිය නේවාසිකාගාර වලම රැදී සිටියි.

ඊට අමතරව අද දිනයේදී ද කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සේවය කරන තවත් සේවකයින් 29 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස වාර්තා වී සිටියි.

ඒ අනුව මේ දක්වා මෙම කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 55ක සේවය කරන 1,369 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හදුනා ගෙන තිබේ.

-නෙත් පුවත් ඇසුරින්


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close